තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බස්වල හිටගෙන යද්දී වෙනම ගාස්තුවක්

    බස්වල හිටගෙන යද්දී වෙනම ගාස්තුවක්

    කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ආසන ගණනට මගීන් ගෙනයාමේ නීති උල්ලංගනය කිරීමට බස් රථ දිගින් දිගටම කටයුතු කිරීම නිසා හිටගෙන යන මගීන් සඳහා වෙනම ගාස්තුවක් හඳූන්වා දීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

    බස් සේවකයින් දිගින් දිගටම වගකීමෙන් කටයුතු නොකරන්නේ ලබන සතිය වනවිට එම ගාස්තු ක්‍රමය හඳුන්වාදෙන බව ඔහු කීය.

    “මම පොලිස්පතිතුමාට ලිඛතව දැනුම්දුන්නා ආසනගත නීති කඩකරන සියලුම බස්රථ අත්අඩංගුවට ගන්න කියලා. එහෙම ගොඩක් තැන්වල සිදුවෙලා තිබුණා. නමුත් අපිට පේනවා ග්‍රාමිය මාර්ගවල මේ නීතිය කඩනවා කියලා. අපි මේක නතර කළේ නැතිනම් එළඹෙන සතිය වෙද්දි හිටගෙන යාමේ ගාස්තුව හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මගියෙකුට පුළුවන් ආසනයක් නැතිනම් අඩුම තරමේ නීතිය කඩන එක කෙසේවෙතත් හිටගෙන යනවා නම් ඒ ගාස්තුව විතරක් ගෙවන්න.

    අපි බස් සේවකයින් ගැන සානූකම්පිතව හිතලා සැලකියයුතු මිල වැඩිකිරීමක් ලබලා දුන්නා රටේ පවතින තත්ත්වය අනුව. එහෙම නම් අපේ කොන්දේසිවලටත් එකඟවෙන්න ඕනේ. එකඟවුණේ නැතිනම් ඉදිරි සතිය තුළ ආසනගත ගාස්තුව වගේව හිටගෙන යනවා නම් පරණ තිබුණ ගාස්තුව වගේ වෙනම ගාස්තුවක් නියම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. හිටගෙන යන අයට පුළුවන් ඒක ගෙවන්න. ඉදගෙන යන අයට පුළුවන් ඒ ගාණ ගෙවන්න. එතකොට අපට ළඟට ඇවිත් ඒක වෙනස් කරන්න කිව්වාට අපි ඒක කරන්නේ නැහැ.” යැයිද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img