තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුරකතන ජාලවලින් දෙන රක්ෂණ තහනම්

    දුරකතන ජාලවලින් දෙන රක්ෂණ තහනම්

    ජංගම හා ස්ථාවර දුරකතන සේවා සමාගම් විසින් සිය දුරකතන ජාල උපයෝගී කරගනිමින් රක්ෂණ ඔප්පු අලෙවිය නවතා දැමේ.

    ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මෙම තීරණය ගෙන ඇත.

    ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් මහජනතාවගෙන් ලද පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.

    2021 සැප්තැම්බර් 06 වැනිදා සිට බලාත්මක වන පරිදි, ජංගම හා ස්ථාවර දුරකතන ජාල විසින් රක්ෂණ ඔප්පු අලෙවිය නවත්වන ලෙස සියලුම රක්ෂණ සමාගම් වෙත දැනුම් දී ඇත.

    ඒ අනුව මහජනතාවගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම උදෙසා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව කරුණු කිහිපයක් අවධාරණය කර සිටී.

    එනම්,

    1. තවදුරටත් ජංගම හා ස්ථාවර දුරකතන ජාල උපයෝගී කරගනිමින් රක්ෂණාවරණ මිල දී ගැනීමෙන් වැළකී සිටින්න.

    2. ඔබ දැනටමත් ජංගම හා ස්ථාවර දුරකතන ජාල මගින් රක්ෂණාවරණ මිල දී ගෙන ඇත්නම්, ඊට අදාළ රක්ෂණ සමාගම සමඟ සෘජුව සම්බන්ධ වී, එම රක්ෂණාවරණයට අදාළ රක්ෂණ ඔප්පුව පිළිබඳව තහවුරු කරගනිමින් එය පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකරන්න.

    3. ජංගම හා ස්ථාවර දුරකතන ජාල උපයෝගී කරගනිමින් රක්ෂණ ඔප්පු අලෙවි කළ රක්ෂණ සමාගම්, එම රක්ෂණාවරණ ලබාගත් පාරිභෝගිකයන් සඳහා සෘජුවම රක්ෂණ තැරැව්කරුවකු හෝ රක්සණ නියෝජිතයෙකු මගින් තවදුරටත් සේවාවන් ලබාදීමට බැඳී සිටී.

    4. මේ සම්බන්ධ ඕනෑම කරුණක් පිළිබඳ පැහැදිලි කිරීමක් ලබාගැනීමට රක්ෂණාවරණය ලබාගත් සමාගමෙහි ක්ෂණික ඇමතුම් අංකය/ පාරිභෝගික සේවා අංකය ඇමතීම, රක්ෂණ හිමිකරු වන ඔබේ අයිතියකි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img