Home COVID ඔස්ට්‍රියාවේ කොවිඩ් එන්නත අනිවාර්ය කෙරේ

ඔස්ට්‍රියාවේ කොවිඩ් එන්නත අනිවාර්ය කෙරේ

ඔස්ට්‍රියාවේ කොවිඩ් එන්නත අනිවාර්ය කෙරේ

ඔස්ට්‍රියාවේ සෑම වැඩිහිටියෙකුම Covid-19 ට එරෙහිව එන්නත් ලබා ගැනීම අනිවාර්ය කෙරේ.

මෙම පනත් කෙටුම්පත පෙබරවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත ය.

ගර්භනී කාන්තාවන් හෝ වෛද්‍ය හේතූන් මත නිදහස් වූවන් හැර එන්නත ප්‍රතික්ෂේප කරන අය සඳහා දඩ මුදල් පැනවීම මාර්තු මැද සිට ක්‍රියාත්මක කරන බව එරට වාර්තා පවසයි.

එන්නත නොගන්නා ඔස්ට්‍රියා පුරවැසියන් යුරෝ 3,600 ($4,000) උපරිම දඩයකට යටත් වනු ඇත.

COVID-19 ට එරෙහිව එන්නත් කිරීම රටේ සියලුම පුරවැසියන් සඳහා අනිවාර්ය කිරීමට පක්ෂව ඔස්ට්‍රියානු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 137 දෙනෙකු අද ඡන්දය ප්‍රකාශ කළහ.

පනතට විරුද්ධ වූයේ මන්ත්‍රීවරුන් 33 දෙනෙකු පමණි.

රටේ නීති සම්පාදකයින්ගෙන් අතිමහත් බහුතරයක් නව නීති සම්පාදනයට සහය දැක්වීමත් සමඟ, පනත දැන් විවාදයට හා අනුමත කිරීමට ඔස්ට්‍රියානු පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයට යයි.

අනිවාර්ය එන්නත් කිරීමේ පනත සම්මත කිරීම මේවනවිටත් සහතික කර ඇත.

පාර්ලිමේන්තුවේ මේ සඳහා විරුද්ධ වූ එකම පක්ෂය දක්ෂිණාංශික නිදහස් පක්ෂයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here