Home උණුසුම් පුවත් “ඩොලර් මිලියන 500ත් ගෙව්වා”- මහබැංකු අධිපති

“ඩොලර් මිලියන 500ත් ගෙව්වා”- මහබැංකු අධිපති

“ඩොලර් මිලියන 500ත් ගෙව්වා”- මහබැංකු අධිපති

අද දිනයට ගෙවීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 500ක ස්වෛරී බැඳුම්කර වාරිකය ගෙවා දැමූ බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

මෙම මුදල ගෙවීමට මුදල් නොමැති බවට විවිධ පාර්ශ්ව නොයෙක් අදහස් පල කර තිබුණි.

එහෙත් රජය අඛණ්ඩවම අවධාරණය කළේ විදේශ ණය වාරික ගෙවීමට මුදල ඇති බවයි.

ඒ බව සනාථ කරමින් ඩොලර් මිලියන 500 ක් පමණ වන ස්වෛරී බැඳුම්කර මුදල අද ගෙවා ඇති බැවින් අදාළ පාර්ශ්ව වෙත අදාල මුදල් කලට වේලාවටම ලැබෙනු ඇති බව මහ බැංකු අධිපතිවරයා කීය.

ඊට අදාළ සියලු ලිපි ලේඛණ ඊයේ වන විටම සකසා කර අවසන් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here