මුල් පිටුව උණුසුම් පුවත් භාණ්ඩ 20ක් එකට එකක් ලාබෙට සතොසෙන්

භාණ්ඩ 20ක් එකට එකක් ලාබෙට සතොසෙන්

0

අද (14) සිට විශාල මිල අඩුවීමක් සමග සතොස සහන මල්ලක් ලංකාව පුරා සතොස ශාඛා ජාලය හරහා අලෙවි කිරීමට සැලසුම් කර තිබේ.

භාණ්ඩ වර්ග 20ක් ඊට අයත්ය.

සහන මලු ලක්ෂයක් එලෙස අලෙවි කිරීමට සතොස සැලසුම් කර ඇත.

රුපියල් 3,998කට හිමිවන එම සහන මල්ල සඳහා පාරිභෝගිකයාට රුපියල් 1,750ක වාසියක් හිමිවන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ය.

එම සහන මල්ලට අයත් භාණ්ඩ ලැයිස්තුව මෙසේය.

සුපිරි සම්බා කිලෝ 10ක්
සුදු සීනි කිලෝ 1ක්
රතු පරිප්පු කිලෝ 1ක්
ඉදිආප්ප පිටි කිලෝ 1ක්
හාල්මැස්සන් ග්‍රෑම් 500ක්
නූඩ්ල්ස් ග්‍රෑම් 400ක්
මේස ලුණු ග්‍රෑම් 400ක්
පොල් ගෙඩි 2ක කිරි
සොයාමීට් ග්‍රෑම් 90ක්
පපඩම් පැකට් එකක්
මිරිස් කුඩු ග්‍රෑම් 100ක්
ගම්මිරිස් කුඩු ග්‍රෑම් 100ක්
තුනපහ කුඩු ග්‍රෑම් 100ක්
කහකුඩු ගෑම් 100ක්
තේ කොළ ග්‍රෑම් 100ක්
සුවඳ සබන් කැටයක්
සතොස සබන් කැටයක්
දෑත් සෝදන දියර
සතොස රෙදිසෝදන සබන් කැටයක්
මුහුණු ආවරණ 10ක්

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version