මුල් පිටුව උණුසුම් පුවත් ස්ටේෂන් මාස්ටර්ලා යළිත් වර්ජනයක

ස්ටේෂන් මාස්ටර්ලා යළිත් වර්ජනයක

0

වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය යළි වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ එම සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ගත් තීරණයට එරෙහිව ය.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ඊයේ (13) සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළේය.

එය අවසන් කර පැය කිහිපයක් ගතවීමට පෙර යළිත් ඔවුන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹ ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version