Home උණුසුම් පුවත් අම්මා පැදවූ ත්‍රිරෝද රිය අනතුරක – පිටුපස සිටි බිළිඳා මරුට

අම්මා පැදවූ ත්‍රිරෝද රිය අනතුරක – පිටුපස සිටි බිළිඳා මරුට

අම්මා පැදවූ ත්‍රිරෝද රිය අනතුරක – පිටුපස සිටි බිළිඳා මරුට

බදුල්ල ප්‍රදේශය්දී ඊයේ උදෑසන ත්‍රිරෝදයක් අනතුරට ලක්වීමෙන් එම ත්‍රිරෝද රථය පැදවූ කාන්තාවගේ මාස 8ක් වයසැති බිළිඳා මියගොසස් තිබේ.

අනතුර වනවිට බිළිඳා පිටුපස අසුනේ සිට ඇත්තේ වයස අවුරුදු 17 ක්‌ වු දරුවකුගේ දෑතේ බව පොලීසිය කියයි.

බදුල්ල පොලිස්‌ වසමේ බදුල්ල පස්සර මාර්ගයේ 129- 130 වචන කිලෝමීටර්‌ කණු අතරදී ත්‍රීරෝද රථය රියදුරු කාන්තාවට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලීගොස්‌ අනතුර සිදුව ඇත.

අනතුරෙන්‌ ත්‍රිරෝද රථයේ සිටි කුඩා බිළිඳා බරපතල තුවාල ලබා බදුල්ල රොහලට ඇතුලත්‌ කිරීමේදී මියගොස්‌ ඇත. මියගිය දරුවා වයස මාස 08 ක්‌ වූ පැල්ගහතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පස්සර දෙස සිට බදුල්ල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.

මෘත ශරීරය බදුල්ල රොහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

අනතුර සම්බන්ධයෙන්‌ බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here