තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'යුනිෆෝම් ගලවලා ගෙදර යන්න' - අගරදගුරු හිමි පොලීසියට කියයි

    ‘යුනිෆෝම් ගලවලා ගෙදර යන්න’ – අගරදගුරු හිමි පොලීසියට කියයි

    බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයෙන් පසුගියදා හමුවූ අත්බෝම්බය පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් අගරදගුරු අතිඋතුම් මැලිකම් කාදිනල් රංජිත් හිමියෝ අද පොලීසියට දැඩි ලෙස දෝෂාරෝපණය එල්ල කර තිබේ.

    ඒ කොළඹදී අද (13) මාධ්‍ය හමුවක් පවත්වමිනි. උන්වහන්සේ එහිදී පෙන්වා දුන්නේ පොලීසිය මෙම විමර්ශනයේදී සත්‍ය සොයායනවාට වඩා ‘කතන්දරයක් ගොතන්නට හදන’ බවට චෝදනා කරමිනි.

    බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ සුරුවම ඇති ස්ථානයෙය් තිබී ජීව අත්බෝම්බයක් හමුවූයේ පසුගිය 11 වැනිදාය.

    මෙම සිද්ධියේ විමර්ශනය සම්බන්ධයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙසේ ද කීය. “අපේ පල්ලියේ අවුරුදු ගාණක් වැඩකරපු 4 දෙනෙක්ව පොලීසියට කැඳවාගෙන ගියා. පස්සේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශයේ සඳහන් වුණා බෝම්බය තබාගියේ ‘මුනි’ කියන කෙනා කියලා. පොලීසිය අපිට කිව්වේ හවස 3න් පස්සේ CCTV දර්ශන නැරඹුවාම ඇති කියලා. නමුත් අපි මේ CCTV දර්ශන හොඳින් නැරඹුවා. උදේ වරුවේ සිට. ඒ අනුව අපිට පේනවා.. එදා උදේ 9.52ට පුද්ගලයෙක් දේවස්ථාන භූමියට ඇතුළුවෙනවා. අපිට පේනවා මේ සිද්ධියේ ඇත්ත හොයාගෙන යනවාට වැඩිය.. කතන්දරයක් ගොතන්නට හදන වැඩක් හැටියට. ඒ නිසා අපි පොලීසියේ මේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අවංකකම නැතිව දේශපාලන ලෝකයේ නායකයන්ට ගැතිකම් කරන්න නොවෙයි පොලීසිය තියෙන්නේ. ඒ නිසා කරුනාකරලා බොරු කරන්න එපා. ඔය යුනිෆෝම් එක ගලවලා දාලා ගෙදර යන්න.” යැයිද අගරදගුරු හිමියෝ කීහ.

    සිද්ධිය වූ දිනයේ සී.සී.ටී.වී. දර්ශන සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානය විසින් අද මාධ්‍යයට නිකුත් කර තිබුණි. එම දර්ශනවලට අනුව බෝම්බය තැබූ සැකකරු බෑගයක් අතැතිව 9.52ට පමණ දේවස්ථානයට ඇතුළු වී ඇත.

    එම අත්බෝම්බය පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එදිනම නිෂ්ක්‍රීය කරනු ලැබූ අතර පසුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනුණි.

    විමර්ශනවලදී හෙළිවූයේ සැකකරුවන් අතර සිටින 56 හැවිරිදි අයෙකු 13 හැවිරිදි දරුවෙකු ලවා අත්බෝම්බය සුරුවම මත තබා තිබූ බවය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img