Home උණුසුම් පුවත් රාජකාරි දුම්රිය නෑ. ආයෙත් වර්ජනයක්

රාජකාරි දුම්රිය නෑ. ආයෙත් වර්ජනයක්

රාජකාරි දුම්රිය නෑ. ආයෙත් වර්ජනයක්

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රි සිට සියලුම රාජකාරිවලින් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර ඇත.

ආසන වෙන්කළ දුම්රිය නොදන්වා අවලංගු කිරීම,දුම්රිය ධාවන කාර්ය මණ්ඩල නිසිලෙස පරිපාලන නොකිරීම,සාමාන්‍ය දුම්රිය කාල සටහන ක්‍රියාත්මක නොකිරීම ඇතුළු
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ.

මේ හේතුවෙන් අද දින දුම්රියන් ධාවනය නොවන බව එම සංගමය ප්‍රකාශ කරයි.

කෙසේවෙතත් අද දිනයේ දුම්රිය ධාවනය වන්නේ නම් එම සියලු දුම්රිය අනාරක්ෂිතව ධාවනය වනු ඇතැයි දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමය දන්වයි.

ඊට හේතු වී ඇත්තේ මෙම වර්ජනය හේතුවෙන් ප්‍රධාන පාලක මැදිරියේ කටයුතු, දුම්රිය සඳහා සංඥා ලබා දීම, ටැබ්ලට් ලබාදීම සහ ප්‍රවේශ පත්‍ර ලබා දීම ඇතුළු දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් සිදුකරන සියලු කාර්ය සිදු නොවීමයි.

මේ සඳහා නිසි විසඳුමක් නොලැබුණහොත් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමය newswaveLK වෙත පැවසීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here