Home දේශීය පුවත් කිත්සිරි කහටපිටියත් කොරෝනාව බිලි ගනී

කිත්සිරි කහටපිටියත් කොරෝනාව බිලි ගනී

0
කිත්සිරි කහටපිටියත් කොරෝනාව බිලි ගනී

සමගි ජන බලවේගයේ බුලත්සිංහල ආසන සංවිධායක කිත්සිරි කහටපිටිය මහතා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

දින 20 ක පමණ කාලයක් ඔහු කොතලාවල ආරක්ෂක පීඨ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රියේදී අභාවප්‍රාප්ත වී ඇත.

බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායකයා ලෙසද කටයුතුකර ඇති කිත්සිරි කහටපිටිය මහතා මිය යන විට 60 වන වියේ පසු විය.

ඒ මහතා දෙදරු පියෙකි.

දේහය පිළිබඳව අවසන් කටයුතු අද වරකාගොඩ ආදාහනාරගාරයේදි සිදු කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here