Home උණුසුම් පුවත් දිනපතා විදුලි කප්පාදුවට මණ්ඩල‍ේට අවසර

දිනපතා විදුලි කප්පාදුවට මණ්ඩල‍ේට අවසර

දිනපතා විදුලි කප්පාදුවට මණ්ඩල‍ේට අවසර

දිනපතා විදුලිය කප්පාදු කිරීමකට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ලිඛිත අවසරයක් ලබාගත යුතු බව ද සභාපතිවරයා පැවසීය.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය කර ඉල්ලීම සලකා බලා දිනපතා විදුලි කප්පාදුවකට අවසර ලබා දුන් බවද ජනක රත්නායක මහතා පැවසීය.

දිනකට කොපමණ වේලාවක් විදුලිය කපන්නේද? කුමන කාලයේද යන්න ආදී තීරණ විදුලිබල මණ්ඩලය විසින් ගත යුතු බව ජනක රත්නායක මහතා සඳහන් කළේය.

කැළණිතිස්ස බලාගාරය ක්‍රියා විරහිත වීම නොරෙච්චෝල ගල්අඟුරු බලාගාරයේ ජනක යන්ත්‍රයක් නඩත්තුව සඳහා නතර කිරීම සහ ඉන්ධන නොමැති කමෙන් විදුලි ජනනය දැඩි ලෙස සීමා වී ඇතැයි ද ඒ ගැන සලකා බලා විදුලිය කප්පාදුවකට අවසර ලබා දුන් බවද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති වරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here