මුල් පිටුව උණුසුම් පුවත් දවස ගානේ පැය 2 1/2ක විදුලි කප්පාදුවක්!

දවස ගානේ පැය 2 1/2ක විදුලි කප්පාදුවක්!

0

මේ වන විට පවතින විදුලි අර්බුදය හේතුවෙන් ඉදිරියේ දී දිනකට පැය දෙකහමාරක වත් විදුලි කප්පාදුවක් සිදු වනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය, විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශයට දැනුම් දී තිබේ.

කැලණිතිස්ස බලාගාරය ක්‍රියාවිරහිත වීම නිසා මෙගාවොට් 115 ක් ජාතික විදුලිබල පද්ධතියට අහිමිවීමත් විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන සහ ගල් අඟුරු ආනයනය සීමා වීමත් යන හේතු මත ඉදිරියේදී විදුලි ජනනය අඩුවන හෙයින් එලෙස විදුලි කප්පාදු කිරීමක් සිදු වනු ඇතැයි ද ලංකා විදුලිබල මණ්ඩලය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

දිනපතා දහවල් කාලයේ පැය දෙකක පමණ දෙකක පමණ කාලයකුත් සවස 6 සිට රාත්‍රී 9 දක්වා අධික විදුලි ඉල්ලුමක් පවතින කාලයේදී පැය භාගයක් ආදී වශයෙන් පැය දෙකහමාරක් දිනකට කප්පාදු කිරීමට සැලසුම් කර ඇතැයි ද ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශකයෙක් පැවසීය.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවෙන් ණයට ලබාගත් ඉන්ධන වෙනුවෙන් රුපියල් කෝටි 9000ක මුදලක් ගෙවීමට සිදුවන අතර එම ණය නොගෙවීම හේතුවෙන් ඉන්ධන ලබා දීම සිදු නොවුනහොත් විදුලි ජනනය තවදුරටත් අර්බුදයකට ලක් වන බවද එම ප්‍රකාශකයා පැවසීය.

පවතින ඩොලර් හිඟය හේතුවෙන් ගල් අඟුරු ආනයනය කිරීම සීමා වීම ද ඉදිරියේදී ඉඩ ඇති හෙයින් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන කටයුතු ද අඩපණ වනු ඇතැයි ඔහු සඳහන් කළේය.

එම නිසා ඉදිරියේදී විදුලි දැඩි අර්බුදයකට රට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version