තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අපායේ දොරටුව වසා දැමීමට නියෝගයක්

    අපායේ දොරටුව වසා දැමීමට නියෝගයක්

    තුර්කිමේනිස්ථානයේ කාරම්කුම් කාන්තාරයේ පිහිටි දශක පහක කාලයක් අඛණ්ඩව ගිනි ගනිමින් පවතින අපායේ දොරටුව ලෙසින් හඳුන්වන ආවාටය නිවා දමන ලෙස තුර්කිමේනිස්ථාන ජනාධිපතිවරයා නියෝග කර තිබේ.

    ඒ අනුව තුර්කිමේනිස්ථාන ජනාධිපතිවරයා ඊයේ එරට රුපවාහිනී නාලිකා ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් එරට බලධාරීන් හට මෙම අඛණ්ඩව ගිනි ගන්නා ආවාටය නිවාදමන ලෙසට නියෝග කර ඇත.

    එහිදි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ස්භාවික ගෑස් වලින් සමන්විත දශක පහක කාලයක් ගිනි ගන්නා අවාටය හේතුවෙන් විශාල පාරිසරික සහ ආර්ථිකමය අභියෝග රැසක් නිර්මානය වී ඇති බවයි.

    මෙම අවාටය ගිනි ගැනීම හේතුවෙන් ඊට ආසන්නයේ ජීවත්වන ජනතාවට විශාල සෞඛ්‍ය ගැටලු ඇතිවී තිබෙන බවද තුර්කිමේනිස්ථාන ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

    “මෙම ගිනි ගැනීම නිසා අපිට විශාල වටිනාකමක් තිබෙන ස්භාවික ගෑස් අහිමිවෙලා තිබෙනවා. එම ගෑස් අපි නිසි විදිහට භාවිතා කළානම් එයින් අපිට විශාල ලාභයක් ලබාගෙන එම මුදල් අපේ ජනතාවගේ යහපත සඳහා යොදාගන්න හැකියාව පවතිනවා.” යනුවෙන්ද ඔහු ප්‍රකාශ කර තිබේ.

    කෙසේ වෙතත් මීට පෙර 2010 වර්ෂයේදීද තුර්කිමේනිස්ථාන ජනාධිපතිවරයා විසින් මෙම ආවාටය නිවා දමන ලෙස එරට බලධාරීන්ට නියෝග කර තිබුණද එය සාර්ථක නොවියී.

    මෙම ආවාටයේ විෂ්කම්භය මීටර් 70 ක් පමණ වෙන අතර  ආසන්න වශයෙන් මීටර් 20 ක ගැඹුරෙන් යුක්තයි.

    වර්ෂ 1971දී සෝවියට් ඉංජිනේරුවන් විසින් තෙල් නිධි ගවේෂණය කිරීමට කෑණිම් කිරීමේදී මෙම අනෙපේක්ෂිත ලෙස අවාටයක් නිර්මණය වී ඇත. පසුව එය ගිණි ගැනීමකට ලක්ව ඇති අතර එය එතැන් පටන් අදවන තෙක් අඛණ්ඩව දැවෙමින් පවති.

    කෙසේ වෙතත් පසුගිය කාලයේදී  මෙම අවාටය විශාල සංචාරක ආකර්ෂණයක් දිනා ගැනීමට සමත්විය. 

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img