තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇසිඩ් ගහන්න ගිය සැමියා බිරිඳගේ පොරෝ පහරින් මරුට

    ඇසිඩ් ගහන්න ගිය සැමියා බිරිඳගේ පොරෝ පහරින් මරුට

    බීමතින් තියුණු ආයුධයක් සහ ඇසිඩ් බෝතලයක් රැගෙන පැමිණ බිරිඳ ඝාතනය කරන බවට තර්ජනය කළ සැමියාට පොරොවකින් පහරදී බිරිඳ විසින් ඝාතනය කිරීමේ පුවතක් කුරුවිට ප්‍රදේශයෙන් වාර්තා වේ.

    බිරිඳගේ පහර කෑමෙන් පසු ඔහු බරපතළ තත්ත්වයෙන් රත්නපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස මියගොස් ඇත.

    ඊයේ (08) රාත්‍රීයේ එම පහරදීම සිදුකර ඇත

    ඝාතනය ලක්ව ඇත්තේ 34 හැවිරිදි කුරුවිට, කැන්දලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    අදාල පුද්ගලයා අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වූ අයෙක් වන අතර ඔහු ඊයේ (08) රාත්‍රියේ ද බීමතින් කඩාවැදී ඇත.

    එහි දී තමාට මරණ තර්ජන කරමින් සිටි සැමියාට පොරොවක් රැගෙන පිටුපසින් පැමිණි බිරිඳ මෙම පහරදීම සිදුකර ඇත.

    පහරදීම සිදුකළ බිරිඳ පහරදීමට යොදා ගත් පොරොව ද සමඟ කුරුවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img