Home උණුසුම් පුවත් මෙවර ධර්මාචාර්ය විභාගයට සිරකරුවන් 4 දෙනෙකුත්

මෙවර ධර්මාචාර්ය විභාගයට සිරකරුවන් 4 දෙනෙකුත්

මෙවර ධර්මාචාර්ය විභාගයට සිරකරුවන් 4 දෙනෙකුත්

ඉකුත් වසරේ පැවැත්වීමට නියමිතව තිබූ
ධර්මාචාර්ය විභාගය 9,10 සහ 15 වන දිනවල පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙවර ධර්මාචාර්ය විභාගය සඳහා සිරකරුවන් සිව් දෙනෙකු පෙනී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම සිරකරුවන් සිව් දෙනා වෙනුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ සුචරිතෝදය දහම් පාසල එක් විභාග මධ්‍යස්ථානයක් ලෙස නම් කර තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුනරුත්ථාපන ක්‍රියාවලියේ එක් අංශයක් ලෙස දහම් පාසල් අධ්‍යාපනය හදුන්වා දී තිබෙනවා.

වැරදිකරුවන් වු පුද්ගලයන් යහපත් විනයගරුක හා සදාචාර සම්පන්න පුද්ගලයෙකු බවට පත් කිරිමේ අරමුණෙන් සෑම බන්ධනාගාරයකම දහම් පාසල් අධ්‍යාපනය ක්‍රියාත්මක බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here