තවත්
    මුල් පිටුවදේශීය පුවත්කටුවන ප්‍රාථමිකයට ආ අමුතු නීතිය

    කටුවන ප්‍රාථමිකයට ආ අමුතු නීතිය

    ස්ථානීය පරීක්ෂණයෙන් අසමත් වූ දරුවකු චක්‍රලේඛනයේ සඳහන් සීමාව ඉක්මවා බඳවා ගන්නැයි හ/ කටුවන ප්‍රාථමික විද්‍යාලයට දකුණු පළාත් අධ්‍යාපන ලේකම් විසින් පසුගිය දා ලිපියක් යොමු කර බලපෑම් කර තිබේ.

    අදාළ ලිපිය මගින් දරුවා පාසලට බඳවා ගන්නා ලෙස දරුවාගේ දෙමාපියන් මේ වනවිට කටුවන ප්‍රාථමික විද්‍යාලයෙන් ඉල්ලා ඇත. නමුත් එය ද මේ දක්වා ඉටු වී නැත.

    දකුණු පළාත් අධ්‍යාපන ලේකම්ගේ දැනුම් දීම අනුව අදාළ දරුවා පාසලට බඳවාගත හොත් තවත් දරුවන් හය දෙනෙකුට අසාධාරණයක් සිදුවන බව පවසමින් එම දරුවන් හය දෙනාගේ දෙමාපියන් දැනට පාසල අවට බැනර එල්ලා විරෝධය පළ කර තිබේ.

    පළාත් අධ්‍යාපන ලේකම්ගේ ලිපියේ සඳහන් වනුයේ ගරු ආණ්ඩුකාරතුමාගේ නියෝගයක් අනුව 29/2019 චක්‍රලේඛයේ සඳහන් සීමාව ඉක්මවා අදාළ දරුවා බඳවා ගත යතු බවයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙයට පෙර මෙවැනි ලියුම්වලට දරුවන් බඳවා නොගන්නා ලෙස දන්වා තිබිය දී දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මෙන්ම දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහත්වරු විසින් මෙසේ ඉටු කරන්නේ කාගේ උවමනාවක්දැයි අපහැදිලිය.

    එක් ළමයකුගේ අධ්‍යාපනය වටිනාවා මෙන්ම එවැනි බලපුලුවන්කාර කම් නොමැති අනෙක් ළමයි 6 දෙනාට ද එසේ කටුවන ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලැබීමේ අයිතිය තහවුරු කර දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය යුතුය.

    දකුණු පළාත් අධ්‍යාපන ලේකම්තුමනි. මේ ඔබේ අවධානය පිණිසයි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img