තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හාල් මිල සතියට නගී - ඉදිරියේ දී ඒ පෝලිමත් හැදෙන ලකුණු

    හාල් මිල සතියට නගී – ඉදිරියේ දී ඒ පෝලිමත් හැදෙන ලකුණු

    පසුගිය සතියට වඩා නාඩු, සුදු කැකුළු හා රතු කැකුළු සහල් කිලෝවක මිල මේවනවිට රුපියල් දහයත් පහළොවත් අතර මිලකින් ඉහළ ගොස් තිබේ.

    ඒ අනුව ඉකුත් සතියේදී රුපියල් 140 ට අලෙවි වූ නාඩු සහල් කිලෝවක මිල අද වන විට රුපියල් 165 කට අළවි වන අතර කිලෝවක් රුපියල් 160කට අලෙවිවූ සම්බා සහල් කිලෝවක් රුපියල් 180 මිල ඉක්මවා ගොස් ඇත.

    එමෙන්ම රුපියල් 120-125ක් අතර මිලකට අලෙවි වු සුදු කැකුළු කිලෝව රුපියල් 140 දක්වා මිල වැඩි වී තිබෙන අතර රුපියල් 110 ක පමණ මිලකට අලෙවි වූ රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 125 ඉක්මවා ගොස් තිබේ.

    එමෙන්ම ඇතැම් ප්‍රදේශවල සහල් හිඟයක් පවතින බවද වාර්තාවේ.

    මේ අතර ඉදිරියේදි ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම් මෙන්ම සහල් මිලදීගැනීමට ද පෝලිම් ඇතිවන බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

    එහි සභාපති සභාපති මුදිත් පෙරේරා මහතා සඳහන් කරන්නෙ ලබන මාසේ අන්තිම වනවිට මෙරට විශාල සහල් හිඟයක් ඇතිවිය හැකි බවය.

    ඒ අනුව සහල් කිලෝවක මිල රුපියල් 300 දක්වා ඉහළ ඉහළ යනු ඇතැයිද ඔහු පැවසීය.

    රජය වී කිලෝවකට රුපියල් 75ක් මිලක් නියම කළද පොහොර හිඟය හේතුවෙන් ප්‍රමාණවත් තරම් වී අස්වැන්නක් නොලැබෙන බවද එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img