තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්5 හපනුන් පිරිසකට ජනප්‍රිය පාසල් නොදුන්නැයි චෝදනා

    5 හපනුන් පිරිසකට ජනප්‍රිය පාසල් නොදුන්නැයි චෝදනා

    2020 වසරේ 5 ශිෂ්‍යත්ව විභාගය සමතුන් පිරිසකට ඔවුන් අපේක්ෂා කළ ජනප්‍රිය පාසල් නොලැබීම නිසා වසරක් තිස්සේ දැඩි අසාධාරණයකට පත්ව සිටින බවට දෙමව්පියෝ චෝදනා කරති.

    එම සිසුන් ශිෂ්‍යත්ව විභාගයෙන් 180 ඉක්මවූ ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තිබුණද ඔවුන් අපේක්ෂා කළ ජනප්‍රිය පාසල් නොලැබුණු හෙයින් වෙනත් පාසල් පාසල්වලට යාමට සිදු වූ බවද දෙමාපියෝ පවසති.

    2020 වසරේ ශිෂ්‍යත්ව විභාගය සමතුන්ගෙන් ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුලත් කරගන්නා ලකුණු මට්ටම ඉතාම ඉහල දමා තිබූ හෙයින් තම දරුවන්ට ජනප්‍රිය පාසල් අහිමි වූ බව ද වසරක් තිස්සේ එම අසාධාරණයට සාධාරණය ඉටුකරගැනීමට අධ්‍යාපන බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බව ද දෙමව්පියෝ පෙන්වා දෙති.

    අධ්‍යාපන බලධාරීන් ප්‍රශ්නය නොසලකා හරිමින් වසරකට ආසන්න කාලයක් තිස්සේ තම දරුවන් ඉල්ලා තිබෙන ජනප්‍රිය පාසල් ලබා නොදෙමින් සිටින බවද ඔවුහු සඳහන් කරති. ජනප්‍රිය පාසල් ලබා ගැනීම සඳහා නීති ක්‍රියාමාර්ග දෙමව්පියෝ පෙන්වා දෙති.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img