Home දේශීය පුවත් කොටදෙණියා‍වේ අතුරුදන් දරුවන් දෙදෙනා පොලී සියට භාරදෙයි

කොටදෙණියා‍වේ අතුරුදන් දරුවන් දෙදෙනා පොලී සියට භාරදෙයි

0
කොටදෙණියා‍වේ අතුරුදන් දරුවන් දෙදෙනා පොලී සියට භාරදෙයි

කොටදෙණියාවේ වත්තේමුල්ල, බාඳුරාගොඩ ප්‍රදේශයේ දී අතුරුදන් වූ දරුවන් දෙදෙනා හමුවී ඇත.

කාන්තාවක් විසින් එම දරුවන් දෙදෙනාව අද මීරිගම පොලිස් ස්ථානයට රැගෙනවිත් භාරදී තිබේ.

දින 44 ක් පුරාවට අතුරුදන්ව සිටි මෙම දරුවන් එම කාන්තාවගේ මීරිගම පිහිටි වෙළද සැලකට ඊයේ රාත්‍රි කාලයේදී පැමිණ කෑමට යමක් ඉල්ලා ඇති බවත් ඇය මෙම දරුවන් ගැන විස්තර විමසා නිවසට රැගෙන ගොස් ආහාර පාන දී අද උදෑසන පොලිස් ස්ථානයට රැගෙන විත් තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

මෙම දරුවන් මෙයට පෙරද මේ අකාරයට නිවසින් අතුරුදන්ව සිට ඇති බවට තොරතුරු මේ වන විට ලැබෙමින් ඇතැයි ද තල්දූව මහතා කීය.

මෙම දරුවන් දෙදෙනා අතුරුදන්වී ඇති බවට කොටදෙණියාව පොලීසියට පැමිණිල්ලක් ලැබෙන්නේ ඉකුත් නොවැම්බර් මස 23 වන දාය.

, ඥාති සොහොයුරන් වන ඔවුන් 10 හැවිරිදි සහ 12 හැවිරිදි වියේ පසුවිය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යලයද අවස්ථා දෙකකදී මෙම දරුවන් සොයා ගැනීමට මහජන සහය පතා නිවේදන නිකුත්කරනු ලැබීය. දරුවන් සොයා ගැනීමට නොහැකි වූ තැන ඉකුත් සතියේදී විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරකිරීමට පොලිස්පතිවරයා පියවර ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here