Home උණුසුම් පුවත් ගුවන් පාලමක සිරවූ මෝදිගේ ජීවිතය අනතුරක

ගුවන් පාලමක සිරවූ මෝදිගේ ජීවිතය අනතුරක

0
ගුවන් පාලමක සිරවූ මෝදිගේ ජීවිතය අනතුරක

ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරක්ෂාවට විශාල තර්ජනයක් එල්ල කරමින්  මිනිත්තු 20ක කාලයක් පන්ජාබ් හී ගුවන් පාලමක් මත සිරවී සිටීමට සිදුවිමක් වාර්තා වේ.

අග්‍රාමාත්‍ය මෝදි විසින් පන්ජාබ් හී පැවති උත්සවයකට සහභාගි වීමට යන අතරතුරදී මෙම සිදුවීමට මුහුණ දීමට සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය සඳකරයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගමන් කළ මාර්ගය අවහිර කරමින් පැවැත්වූ උද්ඝෝෂණයක් හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාට මෙලෙස මාර්ගයේ සිරවී සිටීමට සිදුව තිබේ.

එම අවස්ථාවේදී මෝදි අග්‍රාමාත්‍යවරයාගේ නිල රථය ගුවන් පාලම මත ඉතා අනාරක්ෂිතව නවතා තබා ඇති අතර ඔහුගේ පුද්ගලික ආරක්ෂකයින් රථය වටා රැස්ව සිටි අයුරු දැක්වෙන දර්ශන ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙම විරෝධතාවේදී උද්ඝෝෂකයින් විසින් ඉන්දීය කැබිනට් ඇමතිවරයකුගේ පුත්‍රයෙකු විරෝධතාවක නිරතවූ ගොවීන් අනතුරට ලක් කිරමින් මරණයට පත්වූවන්ට සාධාරණයක් ඉල්ලා තිබේ.

අදාල කැබිනට් අමාත්‍යවරයාගේ පුතුට  එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙසත් එම කැබිනට් අමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කරන ලෙසත් එහිදී විරෝධතාකරුවන ඉල්ලා ඇත.

කෙසේවෙතත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට මෙලෙස මාර්ගයේ සිරවී සිටීම සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයට මේවන විටත්  පාර්ශව රැසක් චෝදනා එල්ල කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here