Home උණුසුම් පුවත් වගා හානි වන්දි ගැන කෘෂි ඇමති දැන් කියන දේ..

වගා හානි වන්දි ගැන කෘෂි ඇමති දැන් කියන දේ..

වගා හානි වන්දි ගැන කෘෂි ඇමති දැන් කියන දේ..

වගා හානි සඳහා වන්දි ගෙවීමට ද කෘෂි රක්ෂණ මණ්ඩලය සූදානමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඉකුත් වසරේ ද වගා හානි සඳහා රුපියල් මිලියන 5000ක් ගෙවා ඇති බවද සඳහන් කළ අතර ඒ අනුව මේ වසරේ ද හානි සඳහා වන්දි ගෙවන බව අමාත්‍යවරයා කීය.

මෙවර මහ කන්නයේ වී කිලෝව රුපියල් 75/=ක් බැගින් වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගැනීමට පියවර ගෙන තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ කාබනික පොහොර යොදාගෙන වී ගොවිතැන් කළ ගොවීන්ට සහනයක් ලබා දීම වෙනුවෙන් මෙවර මහ කන්නයේ වී කිලෝවකට රුපියල් 25/= ක් වැඩිපුර ගෙවීමට රජය තීරණය කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here