Home උණුසුම් පුවත් ත්‍රි’මලේ තෙල් ටැංකි ගැන අලුත්ම තීරණය

ත්‍රි’මලේ තෙල් ටැංකි ගැන අලුත්ම තීරණය

ත්‍රි’මලේ තෙල් ටැංකි ගැන අලුත්ම තීරණය

ලංකා අයි.ඕ.සී සමාගම විසින් මේ වනවිටත් කළමානාකරණය කරන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 14ක් තවත් වසර 50ක කාලයක් සඳහා එම සමාගමටම බදු දීමට පියවර ගෙන තිබේ.

ත්‍රිකුණාමලයේ ඉතිරි තෙල් ටැංකි 61 අලුතින් ස්ථාපිත කරන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස් සමාගම යටතේ හවුලේ කළමනාකරණය කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

මෙම නව සමාගමේ කොටස් 51%ක් ලංකා ඛනික තෙල් සංස්ථාව සතු ය.

ඉතිරි කොටස් 49%ක අයිතිය පැවරෙන්නේ, ලංකා අයි.ඕ.සී සමාගමට ය.

ත්‍රිකුණාමලයේ අක්කර 123ක භූමි ප්‍රදේශයක් පුරා ගොඩනංවා ඇති මෙම තෙල් ටැංකි සංකීර්ණයට මහා පරිමානයේ තෙල් ටැංකි 91ක් ඇතුළත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here