Home උණුසුම් පුවත් කුමාරි ඇල්ල බිලිගත් දැරියකගේ සිරුර හමුවෙයි- සෙස්සන් සොයා මෙහෙයුම්

කුමාරි ඇල්ල බිලිගත් දැරියකගේ සිරුර හමුවෙයි- සෙස්සන් සොයා මෙහෙයුම්

0
කුමාරි ඇල්ල බිලිගත් දැරියකගේ සිරුර හමුවෙයි- සෙස්සන් සොයා මෙහෙයුම්

හංවැල්ල, තුම්මෝදර කුමාරි ඇල්ලේ දිය නාමින් සිටියදී ඊයේ (30) සවස ගිලී අතුරුදන් වූ තිදෙනාගෙන් එක් තරුණියකගේ සිරුර සොයාගෙන තිබේ.

ඇය 16 හැවරදි වියැති තරුණියකි.

ඊයේ සවස ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ දිය ඇල්ලේ ජල පහර වැඩිවී වේගවත් වීමෙන් මෙම තරුණියන් තිදෙනා දියේ ගිලී ඇති බව පොලීසිය සඳහන් කරයි.

එම අවස්ථාවේදී තරුණියන් පස් දෙනෙක් දියේ ගිලී ඇති අතර දෙදෙනක් බේරා ගැනීමට හැකිවී තිබේ.

මෙම තරුණියන් පස් දෙනා ඇතුළු 08 දෙනෙකුගේ කණ්ඩායමක් දිය නෑමට මෙම ඇල්ලට පැමිණ ඇත්තේ හැදල ප්‍රදේශයේ සිටය. ඔවුන් අතර යාපනයේ පදිංචිකරුවන් කිහිප දෙනෙක්ද සිට ඇත.

දහවල් කාලයේ සිට මෙම පිරිස දිය නාමින් විනෝද වෙමින් සිට ඇති බව පොලීසිය සදහන් කරයි. සවස 6.30 ට පමණ ඇද හැදුණු වර්ෂාවත් සමඟ ජලය වැඩිවීමෙන් දියේ බැස සිටි මෙම පිරිසට ගොඩ ඒමට නොහැකිව දියේ ගිලී ඇති බව මූලික විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

අතුරුදන්ව සිටින්නේ අවුරුදු 14 ක් හා 29 ක් වයසැති තරුණියන් දෙදෙනකි. ඔවුන් සොයා පොලීසිය, යුද හමුදාව, නාවික හමුදාව සහ ගම්වාසීන් මෙහයුම් සිදුකරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here