තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මුදල් ඇමති බැසිල් යළිත් ඉන්දීය සංචාරයක!

    මුදල් ඇමති බැසිල් යළිත් ඉන්දීය සංචාරයක!

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු මෙරට දූත පිරිසක් ඉන්දියාවේ සංචාරයක නිරත වී මාසයකට පමණ පසුව යළිත් ඉන්දියාවේ සංචාරයක් සඳහා ලබන මාසයේදී නිරත වීමට නියමිත බව ‘ද හින්දු’ පුුවත් වාර්තා කරයි.

    ඒ ජනවාරි 10 සිට 12 දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ‘වයිබ්‍රන්ට් ගුජරාට්’ ගෝලීය සමුළුවට සහභාගි වීමට ය.

    නිල ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවත් වාර්තා කරන්නේ මාසයකට පමණ පසු ඉන්දියාවට යන ඔහුගේ දෙවන ඉන්දීය සංචාරයේදී බැසිල් රාජපක්ෂ ඇමතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා කිරීමට ඉඩ ඇති බවය.

    අමාත්‍යවරයාගේ දෙවන ඉන්දීය සංචාරය යෙදී ඇත්තේ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී සිය ශ්‍රී ලංකාවට පැමිණ දෙදින සංචාරය නිම කිරීමෙන් දිනකට පසු බව ද එම පුවතේ සඳහන් කර ඇත.

    නව දිල්ලිය සහ බීජිං යන දෙකම සමඟ කොළඹ සමඟ දැඩි සම්බන්ධතාවයක් පෙන්නුම් කරන බවත් ඒ ඉතිහාසයේ දරුණුතම ආර්ථික කඩාවැටීමකට ලංකාව මුහුණ දෙන කාලයකදී බවත් එම පුව‍තේ දැක්වේ.

    බැසිල් රාජපක්ෂ මහතා නොවැම්බර් 30 සිට දෙසැම්බර් 2 දක්වා නවදිල්ලියේ සිටියේය.

    අමාත්‍යවරයා මෝදි මහතා හමුවීමට නියමිතව තිබියදීත් රැස්වීම නොපැවැත්වුණේ කාලසටහන් සම්බන්ධ ගැටලු හේතුවෙන් බව ‘ද හින්දු’ පුවත් සඳහන් කළේය.

    කෙසේ වෙතත්, ඔහු විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සමඟ සාකච්ඡා වට ගණනාවවක් පැවැත්වීය.

    ඔවුන් “සිව් කුළුණු” ද්විපාර්ශ්වික එකඟතාවට පැමිණි අතර, එහි කොටසක් ලෙස ඉන්දියාව ආහාර, ඖෂධ සහ ඉන්ධන ආනයනය සඳහා හදිසි ණය දීර්ඝ කිරීමට එකඟ වූ අතර, මෙරටට ඩොලර් අර්බුදයෙන් මිදීමට උපකාර කිරීම සඳහා මුදල් හුවමාරුවක් ලබා දුන්නේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img