තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෑස් සැපයුම් වැඩි කරයි - හිඟය නැතිවෙන්න තවත් සති 3ක්

    ගෑස් සැපයුම් වැඩි කරයි – හිඟය නැතිවෙන්න තවත් සති 3ක්

    හිඟයකින් තොරව ලිට්‍රෝ ගෑස් සැපයුම් කිරීමට තවත් සති තුනක කාලයක් ගතවන බව එම සමාගම පවසා තිබේ.

    ඉදිරි දින කීපයේ දී ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් 180,000ක් පමණ වෙළෙදපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

    ලීට්‍රෝ ගෑස් ලංකා සමාගම ගෘහස්ථ හා වාණිජ ගෑස් සිලින්ඩර් නිෂ්පාදනය සහ බෙදාහැරීම වේගවත් කිරීමට මේ වනවිට කඩිනම් පියවර ගෙන ඇති බව එම සමාගම සදහන් කර ඇත.

    මේ වනවිට එල්පී ගෑස් පිරවුම් සදහා රැගෙන එන සියලු සිලින්ඩර් විධිමත් පරීක්ෂණයකට යොමුකෙරේ.

    සිලින්ඩර් නඩත්තු කිරීම් කටයුතු සදහා අවශ්‍ය තාක්ෂණික උපකරණ ආනයනය කිරීමට ලිට්‍රෝ සමාගම කටයුතු කර ඇත.

    තම දෛනික පිරවීම් හා බෙදාහැරීම් දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන බැවින් ඉදිරියේදි ප්‍රමාදයකින් තොරව වෙළෙඳපොළට ගෑස් සැපයුම සිදු කළ හැකි බව ලිට්‍රෝ සමාගම කියාසිටී.

    මේ අතර දැනට භාවිත කරන ලද එහෙත් සම්පූර්ණයෙන් අවසන් නොවූ කොළ පැහැති මුද්‍රාව ඉවත් කළ ගෑස් සිලින්ඩර නැවත භාර ගැනීමට ක්‍රමවේදයක් ලාෆ්ස් ගෑස් සමාගම හඳුන්වාදී තිබේ.

    ඒ අනුව දෙසැම්බර් 5 වන දිනට පෙර වෙළඳපොළට නිකුත් කරන ලද ලාෆ්ස් ගෑස් සිලින්ඩර බෙදාහැරීම් නියෝජිත ස්ථාන වෙත භාරදීමට හැකි බව එම සමාගම පවසයි.

    එහිදී සිලින්ඩරය කිරා මැනබලා ඉතිරිව ඇති ගෑස් ප්‍රමාණය වෙනුවෙන් නැවත මුදල් ගෙවීමක් සිදුකරන බවද ලාෆ්ස් සමාගම කියාසිටී.

    මේ සම්බන්ධයෙන් එම සමාගම නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img