තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මධ්‍යම අධිවේගයේ දෙවැනි අදියර ලබන මාසේ ජනතා අයිතියට

    මධ්‍යම අධිවේගයේ දෙවැනි අදියර ලබන මාසේ ජනතා අයිතියට

    මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියර ලබන මස 15 වනදා ජනතා අයිතියට පත් කෙරෙන බව මහාමාර්ග අමාත්‍යංශය පවසයි.

    මංතීරු 4 කින් සමන්විත මෙම මාර්ග කොටසේ මුළු දුර කිලෝමීටර 40.91 කි. මෙය ඉදිකිරීම සදහා රුපියල් බිලියන 137 ක් වැයකර ඇතැයි මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කරයි.

    මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5 න් සමන්විත වේ.

    මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන් හි එම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන ඉදිකර ඇත.

    පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වන ලෙස මෙම අධිවේගී මාර්ගය ඉදිකර ඇති බව එම අමාත්‍යංශය පවසයි.

    එමෙන්ම නාගරික ප්‍රදේශ මගහරිමින් හිස් ඉඩම් හරහා පමණක් මෙය ඉදිකිර ඇති බවද එම අමාත්‍යංශ සඳහන් කරයි.

    දැනට ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙසයි මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස හඳුනාගෙන තිබෙන බවද මහාමාර්ග අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img