තවත්
    මුල් පිටුවCOVIDඉන්දියාවට තෙවන රැල්ලක අවදානමක්

    ඉන්දියාවට තෙවන රැල්ලක අවදානමක්

    ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදය ලොව පුරා සීඝ්‍රයෙන් පැතිරයාමත් සමඟ ඉන්දියාව තුල තෙවන රැල්ලක් හට ගැනීමේ අවදානමක්ද නිර්මාණය වී තිබේ.

    පසුගිය දිනය තුලදී පමණක් ඉන්දියාවෙන් ඔමික්‍රෝන් ආසාදතියන් නවදහස් එකසිය අනූ පස් දෙනෙකු හදුනාගෙන ඇත අතර ඉන් අටසිය දෙනෙකු ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූවන් වේ.

    ඉන්දීය සෞඛ අංශ පෙන්වා දෙන ආකාරයට පෙර දිනයට සාපෙක්ෂව කොරෝනා ආසාදිතයින් සියයට හතලිස් හතරකින් ඉහළ ගොස් තිබීමද විශේෂත්වයකි.

    ඉන්දියාවෙ වැඩිම ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ නව දිල්ලි නගරයෙන් වන අතර එම සංඛ්‍යාව 238කි. මේ අතර දෙවන කොරෝනා රැල්ලේ විශාල බලපෑමක් එල්ලවූ මහරාශ්ඨ ප්‍රාන්තයේන් ඔමික්‍රෝන් ආසාදිතයින් 167 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇත.

    පවතින අවදානම්කාරී තත්ත්වයත් සමඟ නත්තලට සහ නව වසර වෙනුවෙන් විශාල ජනතාවකගේ සහභාගිත්වෙන් සැමරුම් උත්සව පැවැත්වීම තහනම් කිරීමට නව දිල්ලිය තීරණ කර තිබේ.

    කෙසේ වෙතත් උත්සව සමයත් සමඟ ඉන්දියාව පුරා ජනතාව වීදි පුරා නිසි සෞඛ්‍ය මර්ගෝපදේශ අනුගමනය නොකර හැසිරෙමින් සිටින බව එරට මාධ්‍ය වාර්තාකරයි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img