Home COVID ඕස්ට්‍රේලියාවේ රසායනාගාරකින් කොරෝනා ප්‍රතිඵල වැරදියට දීලා

ඕස්ට්‍රේලියාවේ රසායනාගාරකින් කොරෝනා ප්‍රතිඵල වැරදියට දීලා

0
ඕස්ට්‍රේලියාවේ රසායනාගාරකින් කොරෝනා ප්‍රතිඵල වැරදියට දීලා

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ රසායනාගාරකින් කෝවිඩ් ආසාදිතයින් අටයසියකට අධික පිරිසකට වෛරසය ආසාදිත නොමැති බවට ප්‍රතිඵල නිකුත් කිරීමක් වාර්තා වේ.

ඒ අනුව සිට්ලැබ් නැමති රසායනාගාරකින් මෙලෙස පුද්ගලයන් 886 දෙනෙකු හට වැරදි ප්‍රතිඵල නිකුත් කර ඇත.

නත්තල් සමයත් සමඟ ඇති වූ අධික කාර්ය බහුල බව හේතුවෙන් මෙම අතපසුවීම සිදුව ඇති බව අදාල රසායනාගාරය සඳහන් කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාල රසායනාගාරය සමාව අයැද ඇති බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here