Home උණුසුම් පුවත් පොලිස් වෙසින් තරුණියක් රැවටූ හමුදා සෙබළෙක් අත්අඩංගුවට

පොලිස් වෙසින් තරුණියක් රැවටූ හමුදා සෙබළෙක් අත්අඩංගුවට

0
පොලිස් වෙසින් තරුණියක් රැවටූ හමුදා සෙබළෙක් අත්අඩංගුවට

පොලිස් නිලධාරියෙක් ලෙස පෙනී සිටිමින් මනම්පිටියේ තරුණියක් විවහාකර ගන්නා බවට පොරොන්දු දී ඇයව මඟ හැර සිටි යුද හමුදා සෙබලෙක් පොලොන්නරුව කොට්ඨාශය අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු 34 වන වියේ පසුවන පොලොන්නරුව සිප්පුකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම සැකකරු සන්තකයේ තිබී පොලිස් පරීක්ෂක නිල ලංඡන සහිත පොලිස් නිල ඇඳුමක්, පොලිස් පරීක්ෂක නිල ඇඳුමින් ලබාගත් ඡායාරූපයක්, රුපියල් 5000 සේ ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක් සොයාගත් බව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

ඊයේ (25) දින අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද (26) පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here