Home උණුසුම් පුවත් උත්සව සමයේ අවන්හල් වෙත PHIලා පනී

උත්සව සමයේ අවන්හල් වෙත PHIලා පනී

උත්සව සමයේ අවන්හල් වෙත PHIලා පනී

උත්සව සමයේ අවන්හල් පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ ආහාර නිෂ්පාදනය මෙන්ම නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කරන බවයි.

කල් ඉකුත් වූ සහ ගුණාත්මක බවින් අඩු ආහාර අලෙවි කිරීම සම්බන්ධයෙන් ආපනශාලා කිහිපයකට එරෙහිව චෝදනා ගොනු කර ඇති බව ඔහු සඳහන් කළේය.

මීට අමතරව, උත්සව සමයේ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසද රෝහණ මහතා මහජනතාවට අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here