තවත්
    මුල් පිටුවදේශීය පුවත්නුවරඑළියේ උෂ්ණත්වය පහළට

    නුවරඑළියේ උෂ්ණත්වය පහළට

    නුවරඑළියේ ඇතැම් ප්‍රදේශවල මේ දිනවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    අද අලුයම් කාලයේදීද නුවරඑළිය නගර සීමාවේ ස්ථාන රැසකම මල්තුහින පතිතවී තිබෙනු දක්නට ලැබිණි.

    ගෙවී ගිය පැය 24 ක කාලය තුළ අඩුම උෂ්ණත්වය වාර්තවී ඇත්තේද නුවරඑළියෙනි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ සෙල්සියස් අංශක 6.3 ක උෂ්ණත්වයක් නුවරඑළියෙන් වාර්තා වී ඇති බවය.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන්කරන ආකාරයට වැඩිම උෂ්ණත්වය මේ කාලය තුළ වාර්තා වී ඇත්තේ රත්නපුරයෙන් වන අතර එය සෙල්සියස් අංශක 33.1 කි.

    ඉදිරි පැය 24 තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රතිත කාලගුණයක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

    එසේම ඉදිරි දින කිහිපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල රාත්‍රී සහ අලුයම කාලවලදී තරමක ශීත කාලගුණ තත්වයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

    බස්නාහිර සබරගමුව, මධ්‍යමඋතරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img