මුල් පිටුව උණුසුම් පුවත් සෝෂල් මීඩියා කැළඹූ සිරියානි චන්ද්‍රලතා හමුවෙයි- කුවේට්හිදී සිද්ධ වූ දේ..

සෝෂල් මීඩියා කැළඹූ සිරියානි චන්ද්‍රලතා හමුවෙයි- කුවේට්හිදී සිද්ධ වූ දේ..

0

සමාජ මාධ්‍ය හරහා කතාබහට ලක්වූ කුවේට්‌ හි සිටින ශ්‍රී ලාංකික කාන්තාවක වන ක්‍රිෂ්ණන්‌ සිරියානි චන්ද්‍රලතා මහත්මිය නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පහසුකම්‌ සලසන බව එහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ක්‍රිෂ්ණන්‌ සිරියානි චන්ද්‍රලතා මහත්මිය සම්බන්ධයෙන්‌ සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වන වීඩියෝ පට පිළිබඳව කුවේට්‌ ගි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අවධානය යොමු වි ඇත.

මේ පිළිබඳ තොරතුරු දැනගැනීමෙන්‌ අනතුරුව, පෙරේදා(21) දින කුවේට්‌ පොලිස්‌ බලධාරීන්‌ වෙත පැමිණිල්ලක්‌ යොමු කළ බව තානාපති කාර්යාලය පවසයි.

චන්ද්‍රලතා මහත්මියගේ තත්ත්වය පිළිබඳ තොරතුරු තහවුරු කර ගැනීම සඳහා ඇය සිටින ස්ථානය සොයා ගැනීමට තානාපති කාර්යාල නිලධාරීන් ඔවුන්ගේ සහය පතා ඇත.

කුවේට්‌ පොලීසියේ සභය ඇතිව තානාපති කාර්යාලයේ නිලධාරීන්‌ විසින්‌ චන්ද්‍රලතා මහත්මිය ඇයගේ සේවා ස්ථානයේ දී සොයාගෙන තිබේ.

ඒ අනුව ඊයේ (22) වැනි දින ඇය තානාපති කාර්යාලය වෙත රැගෙන විත් ඇත.

චන්ද්‍රලතා මහත්මියගේ වත්මන්‌ සේවායෝජකයා ඇයගේ ශ්‍රී ලංකා ගමන ප්‍රමාද කරන බැවින්‌, නැවත මෙරටට පැමිණීමේ අරමුණින්‌ තම දරුවන්ට අසත්‍ය තොරතුරු ලබා දී ඇති බව මේ පිළිබඳව විමසීමේ තහවුරු වූ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

තවද, තමන්ට නියමිත වේලාවට වැටුප්‌ ගෙවා ඇති බවත්‌, සේවායෝජකයාගෙන්‌ හෝ කිසිවකුගෙන්‌ කිසිදු ආකාරයක ගිරිහැරයක්‌ හෝ තර්ජනයක්‌ එල්ල නොවූ බවත්‌ ඇය තහවුරු කළ බව තානාපති කාර්යාලය අවධාරණය කර සිටී.

කුවේට්‌ බලධාරීන්‌ මෙම චිමර්ශනය අවසන්‌ කළ පසුව, චන්ද්‍රලතා මහත්මියට නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා තානාපති කාර්යාලය මගින්‌ පහසුකම්‌ සැලසෙනු ඇති බව ද තානාපති කාර්යාලය සඳහන් කළේය.

වාසල සේනාරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version