තවත්
    මුල් පිටුවදේශීය පුවත්තනතුර අහිමිවීම ගැන හිටපු කෘෂි ලේකම් කියන කතාව

    තනතුර අහිමිවීම ගැන හිටපු කෘෂි ලේකම් කියන කතාව

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්කම නොමැතිවීම සම්බන්ධයෙන් තමාට දුකක් ඇති වන බවත් තමාට අහිමි වූයේ ලේකම්කම පමණක් බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා සදහන් කරයි.

    මගේ රස්සාව නැතිවුණා කිව්වහම නැති වුණේ මගේ සෙකට්රිකම. මම ඒකට දුක්වෙනවා. දුක් වෙනවා කියන්නේ ඒක නැතිවෙලා විලාප තියෙන එක නෙමෙයි. යමක් හරියට කරගෙන ගිහිල්ලා ඒක එතැනින් ඉවත් වෙනවා නම් ඒකට දුක හිතෙන්නේ නැති පුද්ගලයෙක් ඉන්නවා නම් මං කියන්නේ පෘතඥනයෙක් වෙන්න බෑ. රහත්වෙලා තියෙන්න ඕනේ. මොකද අපේ කාලය, ශ්‍රමය, අපේ දැනුම පහුගිය මාස ගානම මුළු කොවිඩ් කාලෙම අපි වියදම් කළේ, සතපහක් අරගෙනවත් හම්බකරන්නවත් වංචා කරන්නවත් නෙමෙයි. මට අඩුම ගානේ සෙකට්රි විදියට හම්බවෙන රුපියල් 50,000වත් හම්බවුණේ නෑ. අතින් කාලා හරක් බලනවා වගේ වැඩක් මං කළේ. කමක් නෑ. ඒ නිසා දුකක් තියෙනවා. හැබැයි මට ගෙදර යන්න වෙද්දි කාටහරි ප්‍රයෝජනයක් වුණානම් ඒ ඇති." යැයිද හිටපු ලේකම්වරයා සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img