තවත්
    මුල් පිටුවදේශීය පුවත්දොස්තර වර්ජනය නිසා රෝහල්වල වැඩ අදත් අඩාලයි

    දොස්තර වර්ජනය නිසා රෝහල්වල වැඩ අදත් අඩාලයි

    රට පුරා රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් පිරිසක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අදත් පවතින අතර එම නිසා දෙවැනි දිනයටත් රෝහල්වල කටයුතු අඩපණ වී තිබේ.

    එසේ වෙතත් රජයේ රෝහල්වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් වැඩ වැඩවර්ජනයට සම්බන්ධ නොවී සිටින අතර එම වෛද්‍යවරුන් රෝහල්වල රෝගී සත්කාර සේවා සාමාන්‍ය පරිදි සිදු කරගෙන යන බව ද රෝහල් ආරංචි මාර්ග කියයි.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වය දරන වෛද්‍යවරුන් අද දෙවැනි දිනටත් වැඩ වැඩවර්ජනයේ නිරත වූ අතර එම නිසා රට පුරා රෝහල් ගණනාවක කටයුතුවලට බලපෑම් සිදු වූ බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග කියයි.

    බාහිර රෝගී අංශවලට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන්ට පැය ගණනක් රස්තියාදු වීමට සිදු වූ අතර සායන කටයුතුවලටද බාධා සිදුවිය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img