Home උණුසුම් පුවත් නොරොච්චෝලේ බිඳවැටීමෙන් විදුලි කැපිල්ල තවදුරටත්

නොරොච්චෝලේ බිඳවැටීමෙන් විදුලි කැපිල්ල තවදුරටත්

0
නොරොච්චෝලේ බිඳවැටීමෙන් විදුලි කැපිල්ල තවදුරටත්

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ටර්බයිනයක් ක්‍රියා විරහිතවීම හේතුවෙන් ජනන ධාරිතාව සම්පුර්ණ නොවීම නිසා තාවකාලිකව විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව විදුලිබල අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව ඇතැම් ප්‍රදේශවලට පැය භාගයක් හෝ විනාඩි 45ක පමණ කාලයක් විදුලි සැපයුම සීමා කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

මෙයට සති දෙකකට පමණ පෙරදීත් මේ ආකාරයෙන් මෙම විදුලි බලාගාරයේ බිඳ වැටීමක් සිදුවිය.

මෙගාවොට් 900 පූර්ණ ධාරිතාව ජාතික පද්ධතියට එක් කිරීමේ කටුයුතු සහ අළුත්වැඩියා කටයුතු තවදුරටත් සිදුකරන බව ද සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here