Home උණුසුම් පුවත් ආර්ථික මධ්‍යස්ථානවලට ලැබෙන එළවළු තොග බාගෙට බහී

ආර්ථික මධ්‍යස්ථානවලට ලැබෙන එළවළු තොග බාගෙට බහී

ආර්ථික මධ්‍යස්ථානවලට ලැබෙන එළවළු තොග බාගෙට බහී

රට පුරා ආර්ථික මධ්‍යස්ථානවලට දෛනිකව ලැබෙන එළවළු තොග මේ දිනවල ඉතා ශීඝ්‍රයෙන් අඩු වෙමින් ඇතැයි එම ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳ සංගම් නියෝජිතයෝ පවසති.

වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය, කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ මෙන්ම නාරාහේන්පිට, වැලිසර, රත්මලාන සහ බෝකුන්දර යන ආර්ථික මධ්‍යස්ථාන සියල්ලටම පාහේ මාස දෙක තුනක පමණ කාලයක දී දෛනිකව ලැබෙන එළවළු තොග ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් අඩු වෙමින් තිබෙන බව ඔවුහු කියති.

උඩරට සහ පහතරට එළවළු වගාකරන ප්‍රදේශ රට එළවළු වගාකරන ප්‍රදේශවල එළවළු නිෂ්පාදනය සීඝ්‍ර ලෙස පහත බැසීම නිසා මෙම තත්ත්වය උද්ගතව තිබෙන බවද ලැබෙන සීමිත එළවළු තොග මිල ඉතා ඉහල බව ද වෙළඳ සංගම් නියෝජිතයෝ කීහ.

වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය මධ්‍යස්ථානයට සාමාන්‍යයෙන් දිනකට එළවළු කිලෝ ලක්ෂ 3 ක පමණ ප්‍රමාණයක් ලැබුනත් මේ දිනවල ලැබෙන්නේ ලක්ෂයක පමණ ප්‍රමාණයක් බව ද වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති.

කටුගස්තොට නාරාහේන්පිට වැලිසර සහ රත්මලාන ආර්ථික මධ්‍යස්ථාවලටද දිනකට ලැබෙමින් තිබූ එළවළු තොග ප්‍රමාණය මේ වන විට 50%කින් 60% කින් පමණ අඩු වී ඇතැයි එම තොග වෙළෙන්දෝ පවසති .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here