තවත්
    මුල් පිටුවදේශීය පුවත්එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සහයෝගීතා ගිවිසුමට...

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීමේ අපේක්ෂාව

    ශ්‍රී ලංකාව සංචාරක, වෙළඳාම සහ ආයෝජන සඳහා ප්‍රමුඛ වී ඇත්තේ එහි පුරවැසියන්ගෙන් සියයට 80ක් එන්නත් කර රට තර්ජන වලින් ආරක්ෂා කර ගැනීමෙන් පසුව බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා අබුඩාබි හි විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍යාංශයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය අමාත්‍ය අහමඩ් බින් අලි අල් සයේග් මහතා හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කළේය.

    "ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නොපසුබස්නා උත්සාහය සහ කැපවීම නිසා ශ්‍රී ලංකාවට ස්ථාවරත්වයෙන් සමෘද්ධිය කරා ගමන් කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වී තිබෙනවා" යැයි ද වීරසේකර අමාත්‍යවරයා එහිදී සඳහන් කළ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    රජය වසංගත අවදානම අවම කර ශ්‍රී ලංකාව ආරක්ෂක තර්ජනවලින් ආරක්ෂා කර ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය වනු ඇතැයි අමාත්‍ය අහමඩ් පැවසූ බවද එහි සඳහන්ය. අමාත්‍ය වීරසේකර ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය අහමඩ් පැවසුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙළඳ නියෝජිත පිරිසක් ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බව මෙන්ම ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ඇතුළු ගිවිසුම් අටක් අත්සන් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය අපේක්ෂා කරන බව ඔහු පැවසූ බව එම නිවේදනයේ දැක්වේ.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් සංචාරයක නිරතව සිටින අමාත්‍ය වීරසේකර ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිස ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සහ ඩුබායි පොලිසිය සමඟ ද ඉකුත් දිනවල සාකච්ඡා කළහ. තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයට ආපසු පැමිණීමෙන් පසු කලාපයට එල්ල වන තර්ජන පිළිබඳව නියෝජිතයින් සාකච්ඡා කළහ. කඩා හැලෙන අන්තවාදී මතවාදයන්ට එරෙහිව කටයුතු කරන්නේ කෙසේද සහ මත්ද්‍රව්‍ය ගලායාම කඩාකප්පල් කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුහු සාකච්ඡා කළහ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img