තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තවත් නැව් දෙකක ගෑස් සාම්පල ගනී

    තවත් නැව් දෙකක ගෑස් සාම්පල ගනී

    කෙරවලපිටිය මුහුදේ මේ වනවිට නැංගුරම්ලා ඇති ලිට්‍රෝ සමාගමට අයත් නෞකා දෙකක ගෑස්වල ප්‍රමිතිය තහවුරු කරගැනීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද ගෑස් සාම්පල ලබාගෙන ඇතැයි වාර්තා වේ.

    මේ අතර අභියාචනාධිකරණය පසුගියදා ලබාදුන් නියෝගයට අනුකූලවම පමණක් ගෑස් සිලින්ඩර බෙදාහැරීම සිදුකරන්නැයි ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් දෙකට පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් උපදෙස් නිකුත් කර තිබේ.

    ලිට්‍රෝ ගෑස් සමාගම ආනයනය කළ ගෑස් රැගත් නෞකා දෙකෙහි තොග ප්‍රමිතියෙන් තොර බවට අනාවරණයවීමත් සමග ඒවා ගොඩබෑමේ කටයුතු අත්හිටුවීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගියදා පියවර ගෙන තිබුණි.

    ඒ, එම ගෑස්වල ගන්ධය වහනය කරන එතිල් මර්කැප්ටන් රසායනිකය දේශීය ප්‍රමිතියට අනුකූල ආකාරයෙන් නොතිබීම නිසාය.

    කෙසේවෙතත් පසුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු තාක්ෂණික කමිටුව දෙවන නෞකාවේ සිදුකළ ස්ථානීය පරීක්ෂණයකින් අනතුරුව ලබාදුන් උපදෙස් අනුව එම රසායනිකය වැඩිකිරීමට පියවර ගෙන ඇත.

    ඒ අනුව එම නැවේ ගෑස් ගොඩබෑම සඳහා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය හිමිව තිබුණි.

    අවසරය හිමිවූ නෞකාවේ ගෑස් තොග දිවයින පුරා අලෙවි නියෝජිතයින් වෙත බෙදාහැරීමේ කටයුතු අද සිට ආරම්භ කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළේය.

    ගෑස් සාම්පල ලබාගත් නෞකාවලට අනුමැතිය ලබාදෙන්නේද නැද්ද යන්න පිළිබඳ වාර්තා ලැබීමට නියමිතව ඇතැයි ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.

    මේ අතර අද උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ ගෑස් අනතුරු 23ක් පොලිසියට වාර්තා වී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img