Home උණුසුම් පුවත් දිස්ත්‍රික් කිහිපයක වෛද්‍යවරු හෙට වර්ජනයක

දිස්ත්‍රික් කිහිපයක වෛද්‍යවරු හෙට වර්ජනයක

දිස්ත්‍රික් කිහිපයක වෛද්‍යවරු හෙට වර්ජනයක

දිස්ත්‍රික්ක 05ක රජයේ රෝහල්වල වෛද්‍යවරුන් හෙට(20) පැය 24 ක සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

මන්නාරම, ත්‍රිකුණාමලය, නුවරඑළිය, රත්නපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල එම වර්ජනය ක්‍රියාත්මක ය.

හෙට (20) පෙරවරු 08.00 සිට මෙම වර්ජනයේ නියැලීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සීමාවාසික පත්වීම්වල කටයුතු කළ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු කිරීම මුල් කරගෙන මෙම වර්ධනය ක්‍රියාත්මකය.

වර්ජනයක් පැවතිය ද හදිසි ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here