තවත්
    මුල් පිටුවCOVIDනෙදර්ලන්තය යළි වැසේ - නත්තල් නිවාඩුවත් නෑ

    නෙදර්ලන්තය යළි වැසේ – නත්තල් නිවාඩුවත් නෑ

    නෙදර්ලන්තය අද සිට ජනවාරි 14 වැනිදා දක්වා යලිත් වරක් වසා දැමීමට එරට රජය විසින් තීරණය කරනු ලැබ තිබේ.

    මේවන විට යුරෝපා කළාපය තුල නව ඔමික්‍රෝන් ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිරයාමේ අවදානමක් නිර්මාණය වීමත් සමඟ මෙලෙස රට වසා දැමීමට තීරණය කළ බව නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාක් රටර් ප්‍රකාශ කර තිබේ.

    ඒ අනුව අත්‍යාවශ්‍ය නොවන සියලුම වෙළෙඳසැල්, සේවාවන්, අවන්හල්, කොන්ඩා සැකසුම් මධ්‍යස්ථාන, කෞතුකාගාර, ව්‍යායාම මධ්‍යස්තාන එළෑඹෙන ජනවාරි 14 වැනිදා දක්වාද පාසල් ජනවාරි 9 වැනිදා දක්වාද වසා දැමීමට නෙදර්ලන්තය තීරණය කර ඇත.

    මෙහිදී අදහස් දක්වමින් නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ, “පවතින තත්ත්වය හමුවේ නෙදර්ලන්තය වසා දැමීම හැර වෙනත් විකල්පයක් අප හමුවේ නැහැ. ඔමික්‍රෝන් ප්‍රභේදය අපිවෙත පැමිණෙන එක් වැලැක්වීමත් විශාල අභියෝගයක්.”

    “මෙම සංචරණ සීමා වලට අනුව කටයුතු කිරීමට අපහොසත් වුවහොත් අපිට සිතා ගැනීමටත් නොහැකි දරුණු ප්‍රතිඵල වලට මුහුණදීමට සිදුවෙන්න හැකියාව පවතිනවා. ඒ අනුව මෙම තත්ත්ව ඉදිරියටත් පැවතියහොත් ඉදිරියේදී රොහල් වල ධාරිතාවය ඉක්මවා යෑමටත් ඉඩ පවතිනවා.”යනුවෙනි.

    නෙදර්ලන්තයෙන් පළමු ඔමික්‍රොන් ආසාදිතයා හමුවීමත් සමඟ මේවන විට ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ සීඝ්‍ර වැඩවීමක් පෙන්වන අතර රෝහල් වල උපරිම ධාරීතාවයට පැමිණෙමින් පවතින බවට වාර්තාවේ.

    වසංගතය ආරම්භයේ සිට මේවන තෙක් නෙදර්ලන්තයෙන් කොරෝනා ආසාදිතයින් ලක්ෂ විසි නවයක් පමණ වාර්තා වී ඇති අතර මරණ විසි දහසකට අධික සංඛ්‍යාවක් වාර්තාවේ.

    කෙසේ වෙතත් ගතවූ පැය විසි හතරක කාලය තුල එරටින් නව ආසාදිතයින් දාහතර දහසක් වාර්තා වී තිබේ.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img