Home උණුසුම් පුවත් අත්අඩංගුවට ගත් හිටපු ප්‍රා. මන්ත්‍රී පොලීසියේ දී මරුට

අත්අඩංගුවට ගත් හිටපු ප්‍රා. මන්ත්‍රී පොලීසියේ දී මරුට

අත්අඩංගුවට ගත් හිටපු ප්‍රා. මන්ත්‍රී පොලීසියේ දී මරුට

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පොලීසිය අත්අඩංගුවට ගැනීමෙන් පසුව හුංගම පොලීසිය තුළදී මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන ප්‍රේමතිලක අමරවීර නමැති 62 හැවිරිදි පුද්ගලයෙකි.

හුංගම පොලීසිය විසින් අද ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ පෝය දිනයේ මත්පැන් අලෙවි කළේ යැයි චෝදනා මතයි.

අත්අඩංගුවට ගත් හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයා හුංගම පොලීසියට රැගෙනවිත් මද වේලාවකට පසු සිරමැදිරිය තුළ ඇදවැටී තිබේ.

පසුව සැකකරු රන්න රෝහලට ඇතුළත් කර ඇත.

ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇත.

සැකකරු මියයාමත් සමග ඔහුගේ ඥාතීන් ඇතුළු පිරිසක් රන්න ප්‍රදේශයෙන් මාර්ග අවහිර කරමින් විරෝධතාවක් පවත්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here