තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"රේටිං බැස්සුවාට පස්සට යන්න එපා අපිට ගමනක් තියෙනවා" - මහබැංකුව ආයෝජකයන්ට කියයි

    “රේටිං බැස්සුවාට පස්සට යන්න එපා අපිට ගමනක් තියෙනවා” – මහබැංකුව ආයෝජකයන්ට කියයි

    ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී ශ්‍රේණිගත කිරීම Fitch Ratings (Fitch), ඊයේ (17) දින අසාධාරණ ලෙස පහත හෙළමින් ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවෙන් අධෛර්යයට පත් නොවන ලෙස ජාත්‍යන්තර ආයෝජන හවුල්කරුවන් ඇතුළු ආර්ථිකයේ සියලුම පාර්ශවකරුවන්ගෙන් ශ්‍රී ලංකා මහබැංකුව ඉල්ලා සිටි.

    ඒ වෙනුවට ඉදිරි දින කිහිපය තුළ සමනය වීමට අපේක්ෂා කරන කැළඹිලි සහිත වඩදිය බාදිය සමඟ සැරිසැරීමට ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන ලෙසත් මහබැංකුව ඉල්ලා සිටී.

    මාස හයක ක්‍රියාකාරී සැලැස්මක් ඔස්සේ අපේක්ෂා කරන පරිදි අපේක්ෂිත විදේශ ගලා ඒමේ ප්‍රගතිය පිළිබඳ සවිස්තරාත්මක මාධ්‍ය නිවේදනයක් මේ සතියේ ප්‍රකාශයට පත් කෙරෙන බව ද මහබැංකුව දන්වා සිටී.

    ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී ශ්‍රේණිගත කිරීම Fitch Ratings (Fitch), ඊයේ (17) දින පහත හෙලීම තරමක් හදිසි පියවරක් ලෙසත් බවත් ජාත්‍යන්තරව පිළිගත් මෙම ශ්‍රේණිගත කිරීමේ ආයතනය ශ්‍රී ලංකාව මෙලෙස පහත හෙලීමේ හදිසි හැඟීම සිතාගත නොහැකි බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    සමස්ත ලෝකයම විවිධ කොවිඩ් රැළි සමඟ පොරබදමින් සිටින පරිසරයක් තුළ ශ්‍රී ලංකාවේ සිදුවන ධනාත්මක වර්ධනයන් හඳුනා ගැනීමට අසමත් වීම පෙන්නුම් කරන බව ද මහබැංකුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

    COVID-19 වසංගතය අතරතුර මෙම ක්‍රියාව 2022 ජාතික අයවැය ප්‍රකාශයට පත් කිරීමට දින කිහිපයකට පෙර Moody’s Investors Service විසින් මෑතකදී සිදු කරන ලද අනවශ්‍ය ශ්‍රේණිගත කිරීම් හා සමාන බව ද මහබැංකුව කියාසිටී.

    විශේෂයෙන්ම Fitch යන කාරනය සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තරව පිළිගත් ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් ශ්‍රී ලංකාව පහත හෙලීමේ හදිසි හැඟීම සිතාගත නොහැකි බවත් ආර්ථිකයේ සියලුම අංශවල නවතම වර්ධනයන් සහ ආසන්න විදේශ විනිමය ගලා ඒම පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් විසින් නිරන්තරයෙන් යාවත්කාලීන කරන ලද බවත් මහබැංකුව පෙන්වා දී තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img