Home උණුසුම් පුවත් “ජනපති කාර්ය සාධක බළකාය වැඩ කළේ නෑ” – කෘෂි ඇමති

“ජනපති කාර්ය සාධක බළකාය වැඩ කළේ නෑ” – කෘෂි ඇමති

“ජනපති කාර්ය සාධක බළකාය වැඩ කළේ නෑ” – කෘෂි ඇමති

පොහොර ගැටලුව සම්බන්ධයෙන් කටයුතු කිරීමට ජනාධිපති කාර්යසාධක බළකායක් පත්කළද ඒ කිසිවකු වැඩකළේ නැති බවත් අන්තිමට කෘෂිකර්ම ඇමති වන තමාට තනියම එය ඇදගෙන යාමට සිදුවූ බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

හෙතෙම කියාසිටියේ පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනයට අවසර දී ඇති නමුත් මේ කන්නය සඳහා එම පොහොර ගෙන්වීමට කටයුතු කර නොමැති නම් ගෙන්වීමට වෙලාවක් ද නොමැති බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීය.

“රසායනික පොහොර ගේන්න (පෞද්ගලික අංශය) උනන්දුවක් නැත්තම් වෙන මොනවත් ගේන්න උනන්දු වෙන්නෙත් නෑ. ඒකට තමයි වැඩිම උනන්දුව. මේ මහ කන්නයට රසායනික පොහොර ගේන්න කොහොමත් වෙලාවක් නෑ. ඊළඟ යලට තමයි පොහොර ගේන්නේ. මේකට රජයත් වගකියන්න ඕනේ. රජය මේක අරගෙන ගියේ නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වෙනුවෙන් පෙනීසිටියේ නෑ. පරිසර අමාත්‍යාංශය මේ වෙනුවෙන් පෙනී සිටියේ නෑ. ජනාධිපති කාර්යසාධක බළකායක් පත්කළා. ඒ කවුරුත් වැඩකළේ නෑ. අන්තිමට කෘෂිකර්ම ඇමති වන මට තනියම මේක ඇදගෙන යන්න වුණා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here