Home උණුසුම් පුවත් සොෆ්ට්ලොජික් කළම්බො ස්ටාර්ස් හෙට දඹුලු ජයන්ට්ස් ලා හමුවෙයි

සොෆ්ට්ලොජික් කළම්බො ස්ටාර්ස් හෙට දඹුලු ජයන්ට්ස් ලා හමුවෙයි

0
සොෆ්ට්ලොජික් කළම්බො ස්ටාර්ස් හෙට දඹුලු ජයන්ට්ස් ලා හමුවෙයි

කැන්ඩි වොරියර්ස් කණ්ඩායම ලකුණු 58කින් පරාජය කළ පෙරළිකාර සොෆ්ට්ලොජික් කළම්බො ස්ටාර්ස් කණ්ඩායම හෙට (19) සවස 3ට දඹුල්ල ජයන්ට්ස් සමඟ පැවැත්වෙන අවසන් කණ්ඩායම් හතරේ තීරණාත්මක තරගයට මුහුණ දීමට නියමිතව ඇත.

සොෆ්ට්ලොජික් කළම්බො ස්ටාර්ස් කණ්ඩායම් මෙම තරගයට මුහුණ දෙන්නෙ වාර්තා පිට වාර්තා තැබූ ජයග්‍රාහී තරගයකින් පසුව වීම විශේෂත්වයකි.

කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, සීකුගේ ප්‍රසන්න, ජෙෆ්රි වැන්ඩර්සි, දුෂ්මන්ත චමීර සහ නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු සොෆ්ලොජික් කළම්බො ස්ටාර්ස් කණ්ඩායම එල්.පී.එල් තරගාවලියේ තම රිද්මයට නතුව සිටීම දඹුල්ල ජයන්ස් හමුවේ විශාල අභියෝගයක් වනවාට සැක නැත.

ඊයේ රාත්‍රියේ පැවැති තරගයේ දී කැන්ඩි වොරියර්ස් පිලට ජයග්‍රහණය සඳහා ලකුණු 183 ක ඉලක්කයක් ලබා දීමට සොෆ්ට්ලොජික් කළම්බො ස්ටාර්ස් කණ්ඩායම සමත් විය. චරිත් අසලංක සහ රවී බොපාරා එක්ව පන්දු 36 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩ නඟමින් එම තරගය දෙපිළටම විවෘත තරගයක් බවට පත්කළ ද වාර්තාගත පන්දු යැවීමක නිරත වූ ජෙෆරි වැන්ඩර්සි ලකුණු 25 කට කඩුලු 6ක් බිඳ දැමීමත්, අවශ්‍යම මොහොතේ අවශ්‍යම කඩුල්ල ලෙස පිටියේ අණසක පතුරවමින් සිටි රවී බොපාරා සහ නායක ඇන්ජලෝ පෙරේරා දවා ගැනීමට සීකුගේ ප්‍රසන්න සමත්වීමත් කැන්ඩි වොරියර්ස් පිලට තවදුරටත් එල්.පී.එල් 2021 තරගාවලියේ රැඳී සිටීම අහිමි කළේයෙ.

තරගයේ වීරයා – ජෙෆ්රි වැන්ඩර්සි

ලකුණු සාරාංශය

සොෆ්ට්ලොජික් කලම්බො ස්ටාර්ස්

පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 182 යි – (කුසල් පෙරේරා 58, ධනංජය ද සිල්වා 40, දිනේෂ් චන්දිමාල් 40*, ඇන්ජලෝ මැතිව්ස් 29, නිමේෂ් විමුක්ති 24/3, අල් අමීන් හොසේන් 40/1, සචිඳු කොළඹගේ 17/1)

කැන්ඩි වොරියර්ස්

පන්දුවාර 17 කදී ලකුණු 124 යි – (රවී බොපාරා 47, චරිත් අසලංක 14, අසේල ගුණරත්න 17, කෙනාර් ලුවිස් 21, කමිඳු මෙන්ඩිස් 13, ජෙෆ්රි වැන්ඩර්සි 25/6, සීකුගේ ප්‍රසන්න 27/2, නවීන් උල්හක් 09/1)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here