Home දේශීය පුවත් උණුසුම් පුවත් “මෙරට සෑම පැයකදීම ළමා අපයෝජනයක්” – ඩලස්

“මෙරට සෑම පැයකදීම ළමා අපයෝජනයක්” – ඩලස්

0
“මෙරට සෑම පැයකදීම ළමා අපයෝජනයක්” – ඩලස්

සෑම පැයකදීම ළමා අපයෝජනයක් මෙරට සිදුවන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.

ඇමතිවරයා සදහන් කරන්නේ මෙම වසරේ මෙතෙක් ජාතික ළමා ආරක්ෂක අදිකාරියට ලැබී ඇති ළමා අපයෝජන පැමිණිලි ගණන 10,713 ක් බවය.

දරුවන් පිළිබද වාර්තා කරණයේදී ජනමාධ්‍ය අනුගමනය කළ යුතු ආචාරධර්ම සම්බන්ධයෙන් ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වැඩ මුළුවකට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරනු ලැබීය.

ජනමාධ්‍ය හා දරුවන් අතර ඇතිවිය යුතු සබඳතාව ගුරු – සිසු බැඳීම හා සමාන විය යුතු වූවත් වර්ථමානය වන විට එය බිල්ලා සහ ළමයා අතර පවතින සම්බන්ධයක් වැනි තත්ත්වයට පත්ව ඇතැයිද ඇමතිවරයා සදහන් කළේය.

“වයස් සීමාවන් ඇතුව වෙන්කරලා මේ දවස් 333 මාස 11 ඇතුළේ ලැබුණ පැමිණිලි සංඛ්‍යාව 10,713යි. මේක ඇතුළේ තියෙනවා බරපතළ කාරණා තුනක්. එක මෙයින් 1,632ක් වයස් කාණ්ඩය මොකද්ද ? අවුරුදු 5ට අඩු. අවුරුදු 6 – 10යි අතර 2,626යි. අවුරුදු 5ට අඩු කියන්නේ අපි ‘කිරිසප්පයෝ’ කියලා අපේ ගම්වල කියන්නේ. මේ දෙකේ එකතුව 4,258ක්. ඒ කියන්නේ හරියටම 40%ක් වයස අවුරුදු 10ට අඩු පුංචි දරුවෝ.” යැයිද අමාත්‍යවරයා පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here