තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රියන්තගේ ඝාතනය ගැන ඉන්දීය මන්ත්‍රීවරු විවාද ඉල්ලති

    ප්‍රියන්තගේ ඝාතනය ගැන ඉන්දීය මන්ත්‍රීවරු විවාද ඉල්ලති

    ශ්‍රී ලාංකික පුරවැසියෙකු වූ ප්‍රියන්ත දියවඩනගේ ඛේදනීය ඝාතනය සම්බන්ධයෙන් ඊයේ(15) ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීවරු විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වා එම ඝාතනය කිරීමට හේතු වූ කරුණු සහ තත්වයන් පිළිබඳව විවාදයක් ඉල්ලා සිටි බව එරට වාර්තා සඳහන් කරයි.

    දෙසැම්බර් 3 දා පාකිස්ථානයේ සියල්කොට්හිදී අන්තවාදී මැර පිරිසක් විසින් ප්‍රියන්ත දියවඩනගේ අමානුෂික ලෙස ඝාතනය කිරීම පිළිබඳ පන්ජාබ් ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවේ දී ඊයේ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

    පන්ජාබ් ප්‍රාන්ත සභාවේ කථානායක පර්වෙයිස් එලාහි විසින් නීති කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ දැනට පැවැත්වෙන පන්ජාබ් ව්‍යවස්ථාදායක සභා සැසිවාරය අතරතුර මෙම දරුණු සිදුවීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට එක් දිනක් වෙන් කරන ලෙසයි.

    සියල්කොට් ඛේදවාචකය සම්බන්ධයෙන් සභාවේ මන්ත්‍රීවරුන් දැක්වූ කනස්සල්ලට ප්‍රතිචාර දක්වමින් කතානායකවරයා ප්‍රකාශ කළේ, එම අවාසනාවන්ත සිදුවීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා වහාම අවධානය යොමු කළ බවයි.

    මෙම ගැටලුව සම්බන්ධයෙන් පන්ජාබ් සභාවේ පොදු සාකච්ඡාවක් පවත්වන බවට ද ඔහු නීති සම්පාදකයින්ට සහතික විය.

    පීඑම්එල්එන් එම්පීඒ සාමි උල්ලා ඛාන් මෙම අවස්ථාවට එක්වෙමින් සිය දේශනයේදී සඳහන් කළේ ශ්‍රී ලාංකික පුරවැසියෙකු මැර කල්ලිය විසින් ඝාතනය කිරීම ‘අධම ම්ලේච්ඡත්වය’ මෙන්ම ‘ජාතික ඛේදවාචකයක්’ ලෙස යි.

    සියල්කොට් හි කර්මාන්තශාලා කළමනාකරුවකු ලෙස සේවය කරමින් ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකික පුරවැසියාට උපහාර දැක්වීමට අද මුළු ජාතියම නැඟී සිටින බව ඔහු පැවසීය.

    තුන්වන වරටත් පන්ජාබ් ව්‍යවසාථාදායක සභාවට පත්වී සිටින සාමි උල්ලා ඛාන් ප්‍රකාශ කළේ මෙවැනි සිදුවීමක් ඇතිවීමට හේතු වූ කරුණු සෙවීමට යම් කාලයක් අවශ්‍ය බවයි. ජාතික සභාව සහ සෙනෙට් සභාව දැනටමත් මේ සම්බන්ධයෙන් විවාදයක් පවත්වා ඇති බව ද ඔහු පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img