තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නොරෙච්චෝලේ යන්ත්‍ර 2ක්ම වැඩ නෑ

    නොරෙච්චෝලේ යන්ත්‍ර 2ක්ම වැඩ නෑ

    මේ දිනවල සිදු වන විදුලි කප්පාදුව ලබන අඟහරුවාදා පමණ වන විට නිම කර ගත හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

    ජනක යන්ත්‍ර තුනකින් සමන්විත නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ යන්ත්‍ර දෙකක්ම මේ වනවිට ක්‍රියා විරහිත වීම නිසා දිවයිනේ ප්‍රදේශ ගණනාවකට දිනකට පැය භාගයක පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බවද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

    ඉන් එක ජනක යන්ත්‍රයක කටයුතු ලබන අඟහරුවාදා වන විට නිම කරගත හැකි හෙයින් අඟහරුවාදා දිනෙන් පසුව විදුලිය විසන්ධි කිරීම නගර කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස විශ්වාසය පළ කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

    නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තවත් යන්ත්‍රයක් නඩත්තු කටයුතු සඳහා ක්‍රියා විරහිත කර ඇති අතර එම නඩත්තු කටයුතු මාසයක පමණ කාලයක් සිදුවනු ඇතැයි ද ඇතැයි ද ලංකා විදුලිබල මණ්ඩලය කියයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img