තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPජවිපෙ ඉදිරියටත් ජාතික ජනබලවේගය නමින්

    ජවිපෙ ඉදිරියටත් ජාතික ජනබලවේගය නමින්

    ඉදිරියේදි පැවැත්වීමට නියමිත සියලුම මැතිවරණ සදහා මාලිමාව ලකුණ යටතේ ජතික ජනබල වේගය නමින්ම තරග වැදීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

    පසුගිය ජනාධිපතිවරණයට මෙන්ම මහා මැතිවරණයයටද ජනතා විමුක්ති පෙරමුණ තරඟ කරනු ලැබුවේ ජාතික ජනබල වේගය පක්ෂයෙනි.

    මේ අතර ජතික ජනබලවේගයේ පළමු ජාතික මහා සම්මේලනය ලබන 20 වැනිදා බත්තරමුල්ල, තලවතුගොඩ ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

    මෙහිදී ජාතික ජනබලවේගයේ විධායක සභාව නම් කිරීමට නියමිත බවද වාර්තාවේ.

    එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රබලයින් පිරිසක් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රදේශීය දේශපාලනඥයින් පිරිසක් මෙන්ම ප්‍රබල ව්‍යාපාරිකයන් ද මේ සදහා සහභාගීවීමට නියමිතව ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. මේ කාලකණ්ණි උප නූපන් ජාති නොවාසනාවන්. ඩොලර් වෙනුවෙන් තමන් උපන් රටට ගරහන මෙවන් දේශපාලන පක්ෂයක් මම ලොව කිසිම තැනක නොදුටුවෙමි.

    Leave a Reply to Lalith AsokaCancel reply

    spot_img
    spot_img