Home උණුසුම් පුවත් විපතට පත් ලාංකික ධීවර යාත්‍රාවක් ඉන්දීය ධීවරයෝ මුදාගනිති

විපතට පත් ලාංකික ධීවර යාත්‍රාවක් ඉන්දීය ධීවරයෝ මුදාගනිති

විපතට පත් ලාංකික ධීවර යාත්‍රාවක් ඉන්දීය ධීවරයෝ මුදාගනිති

ඉන්දීය ධීවර යාත්‍රාවක් විසින් විපතට පත් ශ්‍රී ලාංකික ධීවරයින් සහ ඔවුන්ගේ බෝට්ටුව බේරා ගැනීමට සමත් වෙයි.

පසුගිය 2 වනදා IMUL-A-0039-TLE ලියාපදිංචි අංකය සහිත ලුලු-01 ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිට ඇත.

එය චෙන්නායි සිට නාවික සැතපුම් 24ක් උතුරින් පිහිටි ඉන්දීය ධීවර යාත්‍රාවකින් දැකගත හැකි වී තිබේ.

ශ්‍රී ලංකා යාත්‍රාවේ සහ එහි සිටි පිරිසගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වූ ඉන්දීය ධීවර යාත්‍රාව ශ්‍රී ලංකා යාත්‍රාව අදානි වරාය, කට්ටුපල්ලි වෙත සාර්ථකව ඇදගෙන යාමට සමත් වූ බව මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකා යාත්‍රාවේ කාර්ය මණ්ඩලයේ සිව්දෙනාම නිරුපද්‍රිතව සිටින අතර ඔවුන්ට අවශ්‍ය සහය ඉන්දීය බලධාරීන් විසින් සපයා ඇති බව එම කාර්යාලය දන්වා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here