තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්පන්නිපිටියේ දී රියැදුරකුට පහර දුන් පොලිස් කොස්තාපල් රිමාන්ඩ් - රියදුරුට ඇප

    පන්නිපිටියේ දී රියැදුරකුට පහර දුන් පොලිස් කොස්තාපල් රිමාන්ඩ් – රියදුරුට ඇප

    හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය ප්‍රදේශයේදී රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටි මහරගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාව අනතුරට ලක්කල ලොරි රථයක රියදුරාට මහමගදී අමානුෂික ලෙස පහරදුන් රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයාව ලබන අප්‍රේල් 05 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද 30 නියෝග කළේය.

    රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාව අනතුරට ලක්කල ලොරි රථයේ රියදුරාවද අද අධිකරණයට ඉදිරිපත් කළ විට ඇපමත නිදහස් කර තිබේ.

    පොලිස් කොස්තාපල්වරයා සමග රියදුරුට පහරදෙන සිවිල් ඇදුමින් සිටි පුද්ගලයා සම්බන්ධයෙන්ද මේ වන විට විමර්ශනයක් පවත්වන බව මහරගම පොලීසිය සදහන් කරයි.

    අනතුරට ලක්වූ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img